Tuesday, June 1, 2021

අනුරාධපුරයට වඩා පැරණි කොළඹ


කොළඹ නොහොත් කොලාම්තොට යනු අරාබි වෙළදුන් නිසා ජනාවාස වූ වෙළඳ නගරයක් බව ලංකා ඉතිහාසය පාඩමින් අපට උගන්වා ඇත . නමුත් පැරැණි ලේඛනවල ( අටුවා කථාවල ) කාලකච්චගාම නමින් හැඳින්වුන ජනාවාසය වත්මන් කොළඹ නගරය බව අපට උගන්වා නැත . කැලණි ගං මෝය අසල පිහිට කාලකච්චගාම යන්නෙහි අර්ථය වන්නේ " කළු කිහිලි ගම " නැතහොත් " වරාය ආශ්‍රිත ගම " යන්නයි . මහාවංශයට අනුව අනුරාධපුරය අපගේ පැරණිම නගරයයි . පණ්ඩුකාභය රජු විසින් ( ක්‍රි . පූ . 436-366 ) එය ගොඩනංවන ලදී . පංචසුදනී අටුවාවට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් වසර හැටකට පසු ( ක්‍රි . පූර්ව 483 දී ) කාලකච්චගාමයේ පිහිටි කාලදීඝවාපිද්වර විහාරයේ තිබූ හෙට්ඨා ප්‍රාසාදය නමැති පස් මහල් සංඝරාමයේ සිට මලියදේව තෙරුන් ධර්මය දේශනා කරන ලදී . නිවැරදි ඉතිහාසය කරා එළැඹීමට මෙම අවුල විය යුතුය.ම අනුව ගිය " කොඩිරිංටන් ලංකා ඉතිහාසයෙහි " කාලකච්චගාමයක් නැත , ශ්‍රී මහා බෝධි රෝපන උත්සවයට ආ චන්
වාපී ශිෂ්ටාචාරය යටත කාලකච්චගාමයේ ( කොළඹ ) වැව කාලදීඝවාපි විය . කාලාදීඝගාමයටද ඉන් ජලසම්පාදනය කෙරිණ . වංශකතාවල නැති මෙම තොරතුරු ඇත්තේ පාලි අටුවා ග්‍රන්ථවල පමණකි .

විහාරස්ථානයන් පිහිටි ගල්තලාවල් හා ගල්ලෙන් කඩා බ්‍රිතාන්‍යයෙන් පාරවල් සැදීම සඳහා ප්‍රයෝජනයට ගැනීම නිසා පැරැණි ශිලාලේඛන කිසිවක් මෙහි නැත . නිශ්ශංකමල්ල සමයෙන් පසුව පමණක් සෙල්ලිපි කීපයක් ඇත. ඒ නිසා පාලි අටුවා සහ සාහිත්‍යමය සාකෂි මත ඉතිහාසය ගොඩනැංවීමට සිදු වේ .

මහාවංශය , මහාවංශ ටීකාව ( වංසත්ථාප්පකාසනී ) , දීපවංශය , මනෝරථ පූර්ණි , සම්මෝහ විනෝදනී , පපංචසුදනිය , රාජාවලිය , නිකාය සංග්‍රහය , රාජරත්නාකරය , මානියම්ගම තල්පත් සන්නස , රාවණ රාජවලිය , අලකේෂ්වර යුද්ධය , පරංගි හටන , මන්දාරම්පුර පුවත ආදී 50 ට වැඩි ලේඛන ආශ්‍රිතව කාලකච්චගාමයේ පැවැත්ම හා විනාශය දැන ගත හැක .

එමෙන්ම පෘතුගීසි ලේඛකයන් වන ඩී . කූටෝ හා කෙවිරෝස් පියතුමා ද , ඉබන් බතුතා නමැති අරාබ් සංචාරකයා ද තොරතුරු හෙළි කිරීම් කර ඇත. සී . ඩබ් . නිකොලස්ගේ පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික විස්තරයක් ආචාර්ය ඊ . ඩබ් . අදිකාරම්ගේ ලංකාවේ බුදුසසුනේ ආදි ඉතිහාසය , ආචාර්ය පී . බී . සන්නස්ගලගේ සිංහල සාහිත්‍ය වංශය ආදී කෘතිවලින්ද අදාළ තොරතුරු සොයා ගත හැක .

කාලදීඝවාපී නමැති වැව මෙම ජනාවාසයෙහි වූ අතර එය පැතිරී තිබූ ප්‍රදේශය දැනුදු හදුනා ගැනීම අපහසු නැත . වඩාත්ම විස්තර ඇත්තේ මෙහි පිහිටි විහාරස්ථාන තුන ගැනය .
1. කාලදීඝවාපි ද්වාර විහාරය හා පිරිවෙන , 2 , නාග මහා විහාරය ,
3 .කාලකච්චගාම විහාරය එම ස්ථානයන්ය .
ආචාර්ය අධිකාරම් හා සී . ඩබ් . නිකොලස් යන දෙදෙනාම මෙම ස්ථාන ගැන සඳහන් කරති. කැලණිය අසළ තිබූ විහාරස්ථාන ලෙස මේ සියල්ල ඔවුහු සඳහන් කරති . කැලණි ගඟින් උතුරෙහි කැලණි විහාරයත් ගඟින් දකුණෙහි කොළඹ නගරයත් අද දකිනු හැක .

කළුදිග වැව හෙවත් කාලදීඝවාපිය ගොවිතැනට ජලය සැපයුවාද නැතිනම් බීමට අවශ්‍ය ජලය සැපයුවාද යන්න නිශ්චිතව කිව නොහැක. මෙම ප්‍රදේශයට අවුරුද්ද පුරා වැස්ස ලැබුණ නිසා සහ වියළි කාලයක් නොවූ නිසා වැවක අවශ්‍යතාව හඳුනා ගැනීම පරිස්සම්න් කළ යුතුය . මරදාන කාර්මික විද්‍යාලය අසළ මෙහි හොරොව්ව පිහිටා තිබූ අතර මෙය වැව් බැඳි රාජ්‍යයේ සොරොව් සම්ප්‍රදායට එකඟ නැත . වැවේ ජල පීඩනය වැඩිම හා ගැඹුරුම තැන ඇසුරින් රජරට වැව්වල සොරොවි ඇතත් කාලදීඝවාපියේ සොරොව්ව ඊට වඩා උස් මට්ටමක ඇත . 1527 දී මෙය සාන්ත සෙබස්තියන් සොරොව්ව නමින් හඳුන්වන්නට පටන් ගැනිණි . පංචිකාවත්ත කොටසක් හා මාළිගාවත්ත වැවට යටවී තිබිණි . මරදාන පොලිසියේ සිට අළුත්කඩේ උසාවි සංකීර්ණය දක්වා ඇති වැව් බැම්ම හඳනාග ගත හැක . 1838. 10.23 දින පී . ෆර්නැන්ඩස් නමැති ඉංජිනේරු තැන විසින් ආණ්ඩුකාරයාට ඉදිරිපත් කළ කැලණි ගගේ ජල පාලනය පිළිබඳ වාර්තාවෙහිද මරදාන සන්තබස්තියම , කයිමන් දොරකඩ ආශ්‍රිත වැව ගැන සඳහන් කරයි . වේල්ල වීදිය නම් වුණේද වැව් බැම්ම නිසයි .

වැවි ශිෂ්ටාචාරය පණ්ඩුකාභය රජුට වඩා පැරැණි බවටත් වියළි හා තෙත් කලාපවල ජනාවාසයක වැවක් තිබූ බවටත් මෙය සාකෂියකි . දීඝවාපිය හා කාලදීඝවාපියත් එ ආශ්‍රිත ජනාවාසයත් ඉතා දුරබැහැර ප්‍රදේශ 2 ක මෙසේ තිබෙන්නේ කොළඹ හා දීඝවාපිය එකිනෙක සම්බන්ධකම් තිබූ ජනාවාස දෙකක් වූ නිසා විය හැක . මහා විහාරයන් දෙකක්ද මෙම ජනාවාස දෙකෙහි විය .
කාලකච්චගාම විහාරය එම ජනාවාසයේ වැසියන්ගේ වැඳම් පිදුම් සඳහා තිබූ ස්ථානය වුවා විය හැක . මෙය භිකෂු ආරාමයක් නොවීය . එබැවින් ප්‍රමාණයෙන් කුඩා වන්නට ඇත . මෙහි පිහිටීම හඳුනාගත නොහැකි වුවද විශාල පැරැණි බෝධිය ඇසුරින් මහ රෝහල් වෛද්‍ය සංඛ්‍යා ලේඛනාගාරය අසළ වු බව අනුමාන කළ හැක .

කාලදීඝවාපිද්වාර විහාරය හා පිරිවෙන යනු විශාල භිකෂු ආරාමයකි . පපංචසුදනී අට්ඨකථාවට අනුව ( පිටු 869 සහ 1263-25 ) භිකෂන් 12,000 ක් පමණ ඉගෙන ගනිමින් වැඩ සිටි අතර අක්කර 600 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරුණු ආරාමයකි . රේණුකානේ චන්දවිමල හිමියන්ගේ කෙලෙස් එක්දහස් පන්සිය -1998 කෘතියේ ඇති මනෝරථ පූර්ණියෙන් උපුටාගත් කථාවකට අනුව කැලණි විහාරයේ තරුණ භිකෂුවක් ඉගෙනීම සඳහා කාලදීඝවාපිද්වාර පිරිවෙනට ගොස් උගෙනීම නිමකොට ආපසු යෑමට ප්‍රථම පිඩුසිඟා යද්දී ස්ත්‍රියක කෙරේ රාගයෙන් බැඳීම නිසා සිදවූ විපතක් විස්තර කෙරේ . පුංචි බොරැල්ල , ආනන්ද විද්‍යාලය , මරදාන පොලිසිය , මහ රෝහල් සංකීර්ණය , අළුත්කඩේ උසාවි සංකීර්ණය , ගල්ල , හා නරින්ගේතැන්න ( ආමර්වීදිය ) ඇතුළත් වන විශාල භූමි ප්‍රදේශයක් ඊට යටවී තිබිණි . ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් මෙහි වූ අතර හෙට්ඨා ප්‍රාසාදය නමැති පස්මහල් සංඝාවාසයක්ද කාලදීඝවාපිද්වාර විහාරයට අයත් විය .

හෙට්ඨා ප්‍රාසාදය යනු ගල්කණු මත ගොඩනැගුණු පස්මහල් ප්‍රාසාදයකි . එහි උඩම තට්ටුව උපරි ප්‍රාසාදය ලෙස හැඳින්වින . ගල්කණු දස දහස් ගණන් මෙහි වූ අතර අනුරාධපුරයෙහි ඉදිකළ ලෝවාමහා ප්‍රාසාදය තැනීමටද මෙය ආදර්ශයට ගන්නට ඇත . පපංචසුදනී අටුවාවේ දැක්වෙන අයුරු බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුද්ද 60 ට පසු ( ක්‍රි . පූ . 483 ) මලියදේව රහතන් වහන්සේ උපරි ප්‍රාසාදයේ සිට ධර්මදේශනා කළ විට ( මලියදේව නමින් රහතන් වහන්සේලා ගණනාවක් ඇත . ) 60 නමක් හිකෂුහු රහත් ඵලයට පැමිණියහ . ඉන් පසුව නාග මහා විහාරයේදී කළ ධර්මය ශ්‍රවණය කර තවත් භිකෂුහු 60 නමක් රහත් වූහ . කාලදීඝවාපිද්වාර විහාරය හා නාග මහා විහාරය යන ස්ථාන දෙකම නාගයන්ගේ වුවද මේ විහාරස්ථානයන් දෙකක් බව එ අනුව පැහැදිලිය .

ගිලිය නොදී සැට මහණුන් බව මහණ 

මලියදෙවි තෙරිඳ වැඩ හිඳ දෙසූ බණ

දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ

බැලිය හැකිනම් දැක වැඳ යා කළණ

යනුවෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිම්යන් සැළලිහිණි සංදේශයෙහි සඳහන් කරන්නේද මෙම පස් මහල් ප්‍රාසාදය ගැනය .

නාග මහා විහාරය කුමන ස්ථානයක පිහිටියේදැයි හඳුනාගත නොහැක . " මහා විහාරය " යන නම භාවිතා වූවද මහා විහාරය වුණේ කාලදීඝවාපිද්වාර විහාරය පමණි .

කොල්ලුපිටියේ පොල්වත්ත විහාරයද මේ යුගයටම අයත් අතර ක්‍රි . පූ . යුගයේදී එය " කණිකාර චාලිකා සමුද්ද විහාරය " ලෙස හැඳින්වුනි . ක්‍රි . ව . 1390 දී ඊට අක්කර 2O0 ක පොල් වත්තක් අයත්ව තිබූ බව සඳහනි .

කාලකචිච ග්‍රාමයේ නිග්‍රෝධ බෝධි වන්දනාව පැවතිණි . නිග්‍රෝ ( නුග ) බෝධිය යනු කාශ්‍යප බුදුන් පිටදුන් වෘකයයි . ගෞතම බුදුන්ට වඩා කාලකච්චගාමය පැරැණිද ? නොඑසේ නම් ඔවුන් නිග්‍රෝධ බෝධිය පිදවේ ඇයි ? යන ප්‍රශ්නවලට අනාගතයේ පිළිතුරු සපයා ගැනීමට සිදුවනු ඇත .

කාලකච්චගම කොළඹ බවට පරිවර්තනය වීම කුමන කාලයකදී කෙලෙස සිදුවිනිද යන්න කීමට නොහැක . වීර අලෙකේශ්වර විසින් 14 සියවස අගදී කෝට්ටේ ජයවර්ධනපුරය ගොඩනංවන අවධියේ ලියැවුණ නිකාය සංග්‍රහය විසින් " කොලම්බාහිදාන දෝණි මුඛාසන්නයේ විහාරය " ලෙස කාලදීඝවාපිද්වාර විහාරය හඳුන්වයි . " කාල " නමැති වචනය කළු පැහැය සිහිගන්වයි . " කවිච " යනුවෙන් කිහිල්ලක ස්වරූපය " ඇති දියපාරක් අර්ථවත් කෙරේ . " අඹ යනු ජලයට නමකි . කාල අඹ ඝ කාළඹඝ කොළඹ වූවාද විය හැක . කොලොම්තොට යන්න මින් සැදෙන්නට ඇත . " කොළ අඹ " ගසක් පිළිබඳ ප්‍රවාදය ඉංග්‍රීසීන් විසින් අපට ඉගැන්වූ විහිළුවකි .

බොරැල්ල ප්‍රදේශයේද පළමුව බෝධි මල්ගොඩ ලෙස තිබී පසුව බෝධි මළුගොඩ වූ බව බෝධිවංශය කියයි . මෙයට පසූව බෝ , රැල්ල වී අනතුරුව බොරැල්ල වූවා විය හැකිය . මේ අවට බෝධි වෘකෂ වැඩියෙන් දකිත හැක .

ලංකාව ආක්‍රමණය කළ විවිධ ජාතීන් අතින් කොළඹ ගල්ලෙන් ආරාම හා විහාරයන්ද කළුදිග වැවද පැරැණි ජනාවාසය ද විනාශ වී ගොස් ඒවායේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස්වී ගියේය .

කොල්ලකෑමේ ක්‍රියාදාමය " වෙළඳාම " නමැති වචනයෙන් විස්තර කළ අරාබි වෙළඳුන් ( කොල්ලකරුවන් ) කොලොම්තොට පදිංචි වූ මුල්ම වකවානුව ලෙස ක්‍රි . පූ . 949 දැක්විය හැකි බවට සී . ඩබ් . නිකොලස් සඳහන් කරයි . ( පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන ) වටිනා වස්තු බලහත්කාරයෙන් ලබාගැනීම මෙම වෙළඳාමේ අංගයකි . කොළඹ පූජනීය ස්ථානයට පළමු වැනි ආක්‍රමණය එල්ල වූයේ කාලිංග මාඝගෙනි . මේ 1917 දීය . පැහැරගත් ගල්කණුවලින් හා ගල්වලින් කෝට්ටහේන්නෙහි ( කොටහේන ) පළමූ හින්ද කෝවිල තැනිණ . 3 වන විජයබාහු රජු ( 1232 - 1236 ) මාඝ විනාශ කළ කාලකචගාමත් කැලණියේත් ආරාම චෛත්‍යයන් ප්‍රතිසංස්කරණය කළේය . එමෙන්ම වත්තල විජයබාහු පිරිවෙනද සාදා මුතුරාජවෙල මේ ප්‍රදේශයේ ව්හාරාරාමවල නඩත්තුව සඳහා යෙදවිය 2 වන පරාක්‍රමබාහු රජු ( 1236 - 1272 ) පස්මහල් ප්‍රාසාදය හා පිළිම ගෙවල්ද ප්‍රතිසංස්කරණය කළේය . මේ වනවිට කාලකචගාමයේ වටිනාකම හා වැදගත්කම පහල වැටී කැලණි විහාරය ප්‍රදේශයේ ප්‍රමුඛස්ථානයට ඇවිත් තිබිණි .

14 සියවසේදී ඇබිසියානු හමුදාවක් සහිත මහමදික කොල්ලකරුවෙක් කොළඹ සිය වාසස්ථානය කරගෙන මැරවර පාලනයක් කර ගෙන ගියේය . ( කොඩ්රින්ටන් එස් . එචි . 82 , විශ්වවිද්‍යාලයීය ලංකා ඉතිහාසය 386 , 387 , 530 ; රාජකීය ආසියාතික සංගම සඟරාව 3 වන වෙළුම - 227 පිට ) මහන්දික බලයට මෙකල කොළඹ යට විය . මූළු මහත් ඉන්දියාවද මෙකල දිල්ලි සුල්තාන් පාලනයට යටත්ව තිබිණි .

විශාලම විනාශය කරන ලද්දේ පෘතුගීසීන් විසිනි . විහාරස්ථාන සියල්ල විනාශ කර දමා ඒවායේ ගල්කණු සහ ගල් කොළඹ කොටුව බැඳීමට , දේවස්ථාන ඉදිකිරීමට , වෙළඳ ගොඩනැගිලි සෑදීමට යොදා ගති . මහාවංශයේ ( 2 වන භාගයේ ) 284 , 285 පීටවල මෙසේ දැක්වේ . " එකල්හි කොළොම්තොට සිටි වෙළෙන්දෝ බොහෝ කලක් එසේ සිට ක්‍රමයෙන් උත්සන් වූහ . ම්සදිටුගත් පවිටු කුරිරු දරුණු පරංගි නම් වූ ඒ සියල්ලෝම මනෝඥ එ එ රටට ගොස් කෙත් වනසන්නාහු ගෙවල් දවන්නාහු පුරවරයන්ද චෛත්‍යරාමයන්ද ප්‍රතිමාද බෝධිවෘකෂ හා බුද්ධ ප්‍රතිමා බිඳ බුද්ධ ශාසනය හා ලෝකයද වනසා එ එ තැන බලකොටු බැඳ යුද්ධ කරමින් සිටගත්හ ... "

අවිස්සාවේල්ල මානියම්ගම රජමහා විහාරයේ අධිපතිව විසු සිටිනාමළුවේ සෝහිත හිමියෝ ද මෙම විනාශයන් ලේඛන ගත කළහ . දොන් ජෝර්- නමැති පරංගියා විසින් කාලදීඝවාපිද්වාර විහාරයේ බෝධ්යක් විනාශ කිරීම නිසා දොන් ජෝර්- බෝ රුක . නමැති නාමය ඔහුට ව්‍යවහාර වීම ඉන්ඩියන් එපමෙරිස් නමැති එල් . ඩී . එස් . කානුක්
පිල්ලේ හා ඩිවාන් බහදුර් 1799 දී ලියු පංචාග ලිතේ ( 1922 මදුරාසි මුද්‍රණයේ ) 262 පිටුවේ සඳහන්ය .

සීතාවක රාජසිංහ රජුගෙන් හා දොන් ජුවන් ධර්මපාලගෙන්ද විහාරස්ථාවලට හා භිකෂූන්ට හානි සිදුවිණ . සංඝයා වහන්සේලා එකතු වී කොනප්පු බණ්ඩාරට උඩරට රජකම ලබාදීමට තීරණය කිරීම නිසා වධහිංසා ඇතිවී කොළඹ හා අවට භික්ෂූන් පලාගොස් විහාරස්ථාන හිස් විය .

අපව ශිෂ්ටාචාරසම්පන්න කිරීමට හා රට දියුණු කිරීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යයන් අතින් අවසාන විනාශය සිදු විය . අළුත්කඩේ ධර්මාධිකරණය ඉදිකළේ විහාරරාම විනාශ කර ලබාගත් ගල්කණු හා ගල්වලිනි . කුමාර , මැලිබන් , කයිසර් අළුත්යෝන් හා පරණයෝන් ආදී වීථිවල ඇතිරු කළුගල් අදත් දකිත හැක . කයිමන් දොරකඩ , කැම්බල් පාරේ හා ලේක්හවුස් අසළ බෝක්කු ද කාර්මික විද්‍යාලය ළඟ ගල් සොරොවුවද මෙසේ ලබා ගත් ගල්වලින් සැදිණි .

කාලකවිගාමයේ නටබුන්වලින් අදට ශේෂ වී ඇත්තේ කලදීඝවාපිද්වාර විහාරයේ තිබූ එක් පින්තාලියක් පමණි . පරණ උසාවි ගොඩනැගිල්ල තුළ ඇති මෙයට එහි නිලධාරීහු " සඳකඩ පහණ " යැයි කියති . වට අඩි 12 ඇති උස අඩි 4 ඇති මෙය කැටයම් බහුල නිර්මාණයකි .

අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ගල්පඩි බොහෝමයක්ම කාලදීඝවාපිය විහාරයට අයතේ ගල්කණුවලින් නිර්මාණය වී ඇත . ඒවා පාගා ගෙන යුක්තිය ඉටු කර ගැනීමට යාම හා එම සිදු වේ . එම ගල ප්‍රමාණයන් නම් අඩි 4×3 , 5x3, 5x2, 4x2, 3x2 , 3½x2½,
17x2, 12x2, 8x2, 7x2, 6x2, 5x2, 4x2 ආදී වශයෙනි . මල් ආසනවලින් හා බෝධිඝරවලින් පිටතට දියබැස යන කානුවල තැබූ ගල් අඩි 3x1½,   2x1½  ලෙස හඳුන්වා දිය හැක . දස දහස් ගණනාවක් වන මෙම ගල් ගණන් කර ලේඛනගත කළ යුතුය .

අධිකරණ සේවා කොමිසන් සහා ගේට්ටුව ළඟ හා දෙපැත්තේ විචිත්‍ර ගල්කණු 8 ක් ඇත මේවා අමුතු හැඩයකට නිර්මාණය කළ කණු වෙති .

මෙහිදී සඳහන් කළ යුත්තේ අනුරාධපුරයේ වෙස්සගිරි ලෙන්වලටද මෙම ඉරණම අත්වන්නට ගිය මොහොතේ ( පාරවල්වලට දැමීමට ගල් කැඩීම ) එය වලක්වාලූයේ පුරාවිද්‍යා කොමසාරිස් දොන් මර්තීදු ද සිල්වා වික්‍රමසිංහ මහතා බවය .

සම්පිණ්ඩනය -

වජයාගමණයට පළමුව හා අනුරාධපුර අගනුවර වීමට පළමුව මෙරට පැවැති නාග ( නාවික ) ශිෂ්ටාචාරයේ හා සංස්කෘතියේ ස්වභාවය පෙන්වන ජනාවාසයක් ලෙස කලකච්චගාම නොහොත් වත්මන් කොළඹ දැක්විය හැක . කැලණි ගං මුවදොර පිහිට් මෙම ජනාවාසයද වැව් ගමක් වීම තවදුරටත් හැදෑරිය යුත්තකි . වැව යනු වියළි කලාපයේ ජල සම්පාදන මාධ්‍යය බව සමාජ පිළිගැනීමයි . නාවික ශිෂ්ටාචාරය බලවත් වූ මේ යුගයේ ( නාවික වෙළඳුන් ) ගොවිතැනට දෙවැනි තැනක් හිම්වන්ට ඇත .

දීඝවාපි හා කාලිදීඝවාපී වැවද දීඝවාපි මහා විහාරය හා කාලදීඝවාපිද්වාර මහා විහාරයද නැගෙනහිර වෙරළෙහි කල්‍යාණිය හා බටහිර කැලණි ගඟබඩ කල්‍යාණියද පෙන්වන්නේ මෙම ජනාවාස දෙකහි නාගයන්ගේ සම්බන්ධයන්ය . මඩුකශලිය පුගියන නමැති නැව් සමාගම හා සම්බන්ධ නැගෙනහිර වෙරළේ නාගයගේ සෙල්ලිපි බොහෝ කරුණු හෙලිදරව් කරතත් කාලකච්චග්‍රාමයේ හෝ කාදීඝවාපි ග්‍රාමයේ ගල්කඩා පාරල්වලට දැමීම හා ගොඩනැගිලි බලකොටු ආදිය සැදීම නිසා , සෙලිපි සාක්ෂි ඉතිරි වී නැත .

පුරාණයන් දහඅට හින්ද දේවකතා නොව හෙළදිවේ පැරැණි ඉතිහාසය බව කියමින් අවුරුදු 12 , OOO ක් අතීතයට ලංකා ඉතිහාසය ගොඩනංවා ඇත්තේ " වේද අධ්‍යාපනය පිළිබඳ ඇමරිකානු ආයතනයයි " නමුත් ලංකාවේ ඊනියා ඉතිහාසඥයෝ විජයාගමනයට පෙර මෙරට මනුෂ්‍යයන් ජීවත් නොවූ බව තවමත් කියති . ඒ ඔවුනට ඇති උන්මාදයක් නිසා නොව තමන් අයත්වන කොඩ්රිංටන් ගුරුකුලයට ඇති භක්තිය නිසාය . විජයාගමනයට පෙර යුගය ප්‍රාග් - ඓතිහාසික ලෙස නොසලකා එම යුගයේ ඉතිහාසයද ගොඩනැංවීම ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ යුතුකම වෙයි .

ආචාර්ය සූරිය ගුණසේකර 

ජයරත්න පතිරආරච්චි 

ජයරත්න පතිරආරච්චි මහතා විසින් අනුරාධපුරයට වඩා පැරණි කොළඹ ලිපිය සම්බන්දව පටිගත කරණ ලද විචාරාත්මක විග්‍රහය.

අනුරාධපුරයටත් වඩා පැරණි කොළඹ පළමුවන කොටස





No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

රූපවාහිනී සැඳෑ නිම්නය - 3 කොටස

කැලණිය විශ්ව විද්‍යාලයේ  සංස්කෘත භාෂා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ජයරත්න පතිරආරච්චි මහතා රූපවාහිනී සැඳෑ නිම්...