Monday, June 21, 2021

රූපවාහිනී සැඳෑ නිම්නය - 3 කොටස


කැලණිය විශ්ව විද්‍යාලයේ  සංස්කෘත භාෂා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ජයරත්න පතිරආරච්චි මහතා රූපවාහිනී සැඳෑ නිම්නය සජීවී වැඩසටහනේ පටිගත කරන ලද වැඩසටහන...

3 කොටස ...



 

Sunday, June 20, 2021

රූපවාහිනී සැඳෑ නිම්නය - 2 කොටස


කැලණිය විශ්ව විද්‍යාලයේ  සංස්කෘත භාෂා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ජයරත්න පතිරආරච්චි මහතා රූපවාහිනී සැඳෑ නිම්නය සජීවී වැඩසටහනේ පටිගත කරන ලද වැඩසටහන...
2 කොටස ...


 

රාවණ යුගයේ ලෝ සුපතල ගුවන් තොට


 

Saturday, June 19, 2021

දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණා රජුගේ සෙල්ලිපි.



ජයරත්න පතිරආරච්චි මහතා විසින් වර්ෂ 2005 දී රචිත දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණා රජුගේ සෙල්ලිපි පොත පහත link 1 ඔස්සේ භාගත කර ගත හැක.


 

රූපවාහිනී සැඳෑ නිම්නය - 1 කොටස



කැලණිය විශ්ව විද්‍යාලයේ  සංස්කෘත භාෂා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ජයරත්න පතිරආරච්චි මහතා රූපවාහිනී සැඳෑ නිම්නය සජීවී වැඩසටහනේ පටිගත කරන ලද වැඩසටහන...
1 කොටස ...

 

සෙල් ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්.

 


ජයරත්න පතිරආරච්චි මහතා විසින් සෙල් ලිපි කියවීමට නොදන්නා අයට අපගේ පැරණි අකුරු ක්‍රමය (පූර්ව බ්‍රාහ්මීය අකුරු, හෙළ අකුරු ) ඉගෙන ගැනීමට වර්ෂ 2006 දී ප්‍රකාශයට පත් කරන ලද සෙල් ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක් ග්‍රන්ථය.



පහත link 1න් ඔබට බාගත කර ගත හැක.

https://drive.google.com/file/d/18VlUlo_O7eiA-EiOKqwQX4jWkz4h1QTu/view?usp=sharing

Friday, June 11, 2021

අටුවා සහ සෙල්ලිපි

නිවන් මග  තිස්නව වැනි කලාපය 

වර්ෂ 2008 වෙසක් මස

රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය.

අටුවා සහ සෙල්ලිපි

(විචාරාත්මක ලිපියකි)

ආචාර්ය ජයරත්න පතිරආරච්චි

පුහාඹුගොඩ, දොඩන්ගොඩ, කළුතර



අපි සැවොම උගෙන ගෙන ඇති ඉතිහාසය සහ බෞද්ධ ඉතිහාසය අනුව, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ වළගම්බාරජු දවස ය. ඒ ගැන කිසිදු වාදයක් නැත. නමුත් මෙම රජතුමා ජීවත්ව සිටිය කාලය හා සසඳන විට සම්මත වී ඇති ඉතිහාසය හා ගැටේ. ගැටුම විචාරයට හසුකළ යුතු ය. යමක් ඉදිරිපත් කිරීමේ දී එයට මූලාශ්‍ර ඉදිරිපත් කිරීම විද්වත් ලෝකයා පිළිගත් ක්‍රමය යි. අපද එම ක්‍රමය අනුගමනය කරමු.

සමත්තපාසාදිකා විනයට්ඨකථාව  අනුව මිහිඳුහිමියන් මෙරටට පැමිණියේ කවදා ද යන්න පැහැදිලි ව සටහන් වී නැත . එය අපේ රටේ ජීවත් වූ උගතුන් විසින් ක්‍රි . පූ . 277 ලෙස සඳහන් කර ඇත . සමන්තපාසාදිකාව අනුව අශෝක රජතුමා බුදුවසින් 218 දී අභිෂේක කර ඇත . ඔහුගේ පුත් මිහිඳු හිමියන් ය. එය එසේ ම සඳහන් වන විට " බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් දෙසිය තිස්හය වන වසරෙ හි පොසොන් පුන් පොහොය දින මිහිඳු මාහිමියෝ ඉට්ඨියාදී මහ රහතන් වහන්සේලා සමග ලක්දිවට වැඩි සේක . අජාසත් රජු පරලොව ප්‍රාප්තව වසර අටකි. එදවස පොසොන් පෝ දිනය මුල නක්ෂිස්ත්‍ර නම් උත්සව දිනයකි . රටවාසීන්ට නැකත් ක්‍රීඩා පැවැත්වීමට නියම කර රජු හතළිස් දහසක් පිරිවර සමග මුවන් දඩයම් ක්‍රීඩාව සඳහා පිටත් විය .... " මේ සමන්තපාසාදිකාවේ සිංහල පරිවර්තනය යි. මේ අනුව අජාසත් රජ මියගොස් වසර අටකට පසුව මිහිඳු හිමියන් මෙරටට වැඩිය බව සමන්තපාසාදිකාවේ ම සඳහන් ය. අජාසත්ත රජතුමා බිම්බිසාර රජතුමාගේ පුත්‍රයෙකු ලෙස අප ඉගෙන ගෙන ඇත්තෙමු. දෙවිදත්තරගේ ද මිත්‍රයෙක් වූ අජාසත්ත ජීවත් වූයේ බුදුරදුන් ජීවමානව සිටියදීම ය. ගෞතම බුදු රදුන් සාමඤ්ඤඵල සූත්‍රය දේශනා කළේ අජාසත් රජුට ය. මෙම පුවත සමන්තපාසාදිකාවේ ම සඳහන් වී ඇති අතර අජාසත් රජ මියගොස් වසර 8 කට පසුව මිහිඳු හිමියන් මෙරටට පැමිණි බව ද සමන්තපාසාදිකාවේ ම සඳහන් වී ඇත .

ඒ අනුව විමසා බලන විට බුදුරදුන් පිරිනිවී වසර 100 ක් තුළ ම ත්‍රිපිටකය මෙරටට පැමිණ ඇත . වංශකථා අටුවා කථා පොතේ ඇති අනුපිළිවෙලට ම කියවා යනවිට කිසිදු ගැටළුවක් නැත. එය විමසුමට ලක්කළ විට විවිධ ගැටලු ඇති වේ . දැන් මිහිඳු හිමි ලක්දිවට ආවේ , බුදුරදුන් පිරිනිවී වසර සියයක් තුළ දී ද, වසර 236 ට පසුව ද යන්න ගැටළුවකි . නමුත් ඉන්දියාවේ රාජපරපුර විමසා බලන විට මෙම තොරතුරු අපිට දැක ගත හැක . සුද්ධෝදන රජතුමා ( සිදුහත් කුමරුගේ පියතුමා ) ධෝතෝදන , සුක්කෝධන , අමිතෝධන , බෝධිස , බිම්බිසාර , අජාතසත්ථු , උදය , කාලාසෝක , නාගදාස , සුසුනාග , චන්ද්‍ර ගුප්ත , බිංදුසාර ධර්මාශෝක මෙම රාජ පරපුර වේ. ධර්මාශෝක මෙම රජුගේ පුත්‍රයා මිහිඳු  හිමියන් ය . අජාසත්ත රජු මියගොස් වසර අටක දී මිහිඳු හිමියන් මෙරටට පැමිණි යානම් ඉන්දියාවේ රජතුමා උදය රජතුමා ය . උදය රජතුමාට රජවරු හයකට පසුව රජ වී ඇත්තේ ධර්මාසෝක රජතුමා ය . ඒ අනුව බලන විට මිහිඳු හිමියන් අශෝක රජතුමාගේ පුත්‍රයෙකු නොවේ . ඉන්දීය ඉතිහාසඥයෙකු පවසා ඇත්තේ මිහිඳු හිමි හෙවත් මහේන්ද්‍ර කුමරු අශෝකගේ සොහොයුරෙකු බවයි . මෙම ගැටලු පිළිබඳ කිසිදු සටහනක් නොකරමින් අප විසින් 2006 වසරේ ප්‍රකාශ කලේ ලංකාවේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ ක්‍රි . පූ . 450 දි යන්නයි . මාගේ මේ ප්‍රකාශයට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් යහපත් ප්‍රතිචාර ලැබිණි. මෙම ප්‍රකාශය මවිසින් කළේ විශ්වවිද්‍යාලයන් හි උගතුන්ගෙන් ම පමණක් සමන්විත ග්‍රන්ථයකදී ය. එය "සත්"  නමින් ලංකාවේ සියලු ම විශ්වවිද්‍යාලයන් හි පුස්තකාලවල දී ඕනෑම අයෙකුට දැක බලාගත හැක.

එහි 109 පිට සිට 114 දක්වා ඇත්තේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ විස්තරයන් ය . මාගේ බුදුසරණ පුවත්පතෙ හි ලිපියකට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබුණු ලේඛිකාවක් වූ උපේක්ෂා පියරංගිකාට ද " සත් ” ග්‍රන්ථය කියවා දැනුම තවත් වර්ධනය කරගත හැක .

ත්‍රිපිටකය යනු කුමක්ද යන්න වටහා ගැනීමට නම් ත්‍රිපිටකය කියවිය යුතුම ය . ත්‍රිපිටකය නොකියවා එහි ඇති දේ ගැන කථා කළ නොහැක . අටුවා ද එසේ ම ය . සූත්‍ර පිටකයෙහි ඇති සමහර දේ භික්ෂූන්ට දේශනා කිරීමට නොහැක . එම නිසා එම සූත්‍ර අතහැර ඇත්තේ ගිහියන්ට ඒවා පහදා දීමට භික්ෂුවකට නොහැකි නිසා ය . සමහර අටුවා කථා කියවිය යුත්තේ තනිවම ය . ඒවා විග්‍රහකර දැක්වීමට අපට ද බුදුසරණ පුවත්පතෙන් නොහැක . මේවා මොනවාද යන්න අපෙන් නැවත අසන බැවින් සියල්ලෝම දන්නා වූ වසල සූත්‍රයේ එක ගාථාවක් පමණක් මෙහි දී ඉදිරිපත් කරනුයේ අප මේවා දන්නා බව කීමට පමණි .

" සො ඤාතීනං සඛ්ඛානං වා - දා රෙසු පති දිස්සති,

සහසා සම්පියෙන වා - තං ජඤඤා වසලො ඉති"   


වසල සුත්‍රය මෙසේ කියන විට පරාභව සූත්‍රයේ හි මෙසේ දැක්වේ .

" සෙහි දා රෙහි ' සන්තුටෙඨා - වෙසියානු පදිස්සති 

දිස්සති පරදාරෙසු - තං පරාභවතො මුඛං "


අටුවා කතා විමසා බලන විට හමුවන තොරතුරු අනුව කොසොල් රජතුමාගේ බිසව වූ මල්ලිකා බිසව පිළිබඳව ද අපූරු කථා ඇත. මෙයට අමතර ව චුල්ලමාගන්දියා ජාතක අටුවාව ද එසේ ම තොරතුරු තිබෙන තැනකි. තවත් අටුවා කථාවක විශාඛා සිටුකුමරිය හරහා බුදුරදුන් යම් භික්ෂුවකගේ යම් ක්‍රියාවක් සඳහා ප්‍රති උපකාරයක් කරවූ එක් සිද්ධියක් ද වේ . අප එම කථා නොලියමු , අටුවා සියල්ල ම බුදුදහම නොවේ , අටුවා කථා අනුව වෙස්සන්තර ජාතකයට ගාථා 1,000 ක් තිබී ඇත . එම ගාථා 1,000 ම කියා ධර්මය දෙසූ මහා ජාතක භානක භික්ෂුව පිළිබඳ ව සඳහන් වන අතර අද එම ගාථා 1,000 නැත . (මනෝරථපූර්ණි , ii 249 පිට ) තිබෙන්නේ ගාථා 724 ක් පමණි . ඒ අනුව ගාථා 276 ක් 1,900 න් පසුව මුද්‍රණය වූ කෘතිවලින් ඉවත් වී ඇත . ත්‍රිපිටකය අනුව ලංකාවට බුදුදහම රැගෙන ආවේ අසූමහා ශ්‍රාවක පුණ්ණහිමියන්ය . නමුත් පුණ්ණහිමි ලංකාවට ආ බව නූතන ග්‍රන්ථවල නැත . 1882 දී මුද්‍රණය කර ඇති එක ටීකාවක පමණක් පුණ්ණ හිමියන් ලක්දිවට පිරිසිදු බුදු දහම රැගෙන ආ බව සඳහන් වී ඇත . එම ටීකාව කියවූ එකදු අයෙකුවත් අපට විශ්ව විද්‍යාලයන් හි සේවයේ යෙදෙන අය අතර හමුවී නැත . මම පෞද්ගලිකව ලංකාවේ උගත් පඬිවරුන්ගෙන් මේ පිළිබඳව විමසා ඇත . නමුත් ඔවුන් මා මතක් කරදීමෙන් එම ග්‍රන්ථය කියවා බලා නිහඬව සිටියේ එම සත්‍යය එයම නිසාය . මහාවංශය අනුව දුටුගැමුණු කුමරු මහියංගණය සටන දෙමළෙකුගෙන් දිනුවේ යුද්ධයක් කර නොව තම මෑණියන් වූ විහාරමහාදේවියව දෙමළෙකුට කසාද බන්ඳවා දෙන පොරොන්දුව මතය . මෙය නොදන්නා ඉතිහාසඥයන්ට සහ අනෙකුත් පාඨකයාට දැන ගැනීම සඳහා එම පාලි පාඨය මෙසේ ලියා තැබීමට අදහස් කළෙමු .

" මාතරං දස්සයිත්වාන තෙන ලෙසෙන අග්ගහි තතො ඔරුය්හ දමිළෙ සත්ත රාජෙ මහබ්බලේ

මහාවංශයට ලියන ලද ටීකාව වූ වංසකථප්පකාසිනී ග්‍රන්ථයේ ද මෙය දීර්ඝ ලෙස විස්තර කර ඇත . මහාවංශය ලිවීමට පෙර මෙරට තිබුණු අට්ඨකථා ප්‍රමාණය සියගණනකි . මේ අතර දුල්ලභම කෘතියක් ලීනතථප්පකාසිනිය ලෙස සඳහන් වේ . මෙය බුද්ධ අට්ඨකථාව ලෙස ද සඳහන්ය. බුදුරදුන් දෙසූ අභිධර්මයට ලියූ ටීකාව අභිධම්මමානිකාට්ඨකථාවයි . මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ චෝලිය කස්සප හිමියන් මොහවිච්ඡේදනිය යන නමිනි . මෙම ග්‍රන්ථ ගිණිතබා විනාශ කළ අතර ත්‍රිපිටකය ද ගිණිතබා විනාශ කර ලංකාවේ එක ග්‍රන්ථයක්වත් ඉතිරි නොවුනු බැවින් ලංකාවට නැවත ත්‍රිපිටකය රැගෙන ආවේ බුරුම සියම් යන රටවලින් ය . සීහළත්ළුවණ්නනා යනු සීහලට්ඨකථාවට ම කියන ලද අපර නාමයකි . ලංකාවේ සත්‍ය වූ ඉතිහාසය ලියැවී තිබුනේ මෙම ග්‍රන්ථයේ ය . එය අද අපිට දැක ගැනීමට නොමැත . දීඝනිකාය ටීකා ලිනත්ථප්පකාසිනිය වැනි ටීකා එකතුවක් විනය විනිශ්චය ටීකා - මහාවංශ ටීකා යන ග්‍රන්ථ විවරණය කර ලියන ලද පඤ්චිකාටීකා කච්චායන වණ්ණනාටීකා වුත්තොදයටීකා සුබෝධාලංකාර ටීකා යනු දැන් නාම පමණක් ඉතිරි වී ඇති ටීකා ලෙස සැළකිය හැක . විනයටීකා , සූත්‍ර ටීකා , අභිධර්ම ටීකා , ප්‍රකරණ ටීකා ලෙස ටීකාවර්ග සතරක් ද එකළ පැවති බව මූලාශ්‍ර ග්‍රන්ථයන් හි සඳහන් වී ඇත . සමන්තපාසාදිකාවට ලියූ ටීකාව විමතිවිනෝදනි වන අතර තවත් එයට ම ලි යූ ටීකාව සාරත්ථදීපනිය යි . දැන් මුද්‍රණයෙන් ද දැකීමට ලැබෙන කංඛාවිතරණී පාතිමොක්ඛ අට්ඨකථාවට ලියන ලද ටීකාව විනයත්ථමඤ්ජුසා ලෙස සඳහන් ය . ටීකාවන් නොකිය වූ උදවියට කියවීමට ම වැදගත් ටීකාවයි, විනයථ මඤ්ජුසාව.

සුමංගල විලාසිනිය නම් වූ දීඝ නිකායට ලියූ ටීකාව පඨමසාරත්ථ මඤ්ජුසාව ලෙස නම් වී ඇත . බුදුරදුන් දීඝවාපියේ දී තපස්සුට තපස්සු සූත්‍රය සහ භල්ලුකට භල්ලුක සූත්‍රය   දෙසූ බව දැක්වෙන්නේ දුතියසාරත්ථ මඤ්ජුසාවෙයි . නමුත් මෙය පසුව පපංචසූදනී ලෙස නාමය වෙනස් කර මජ්ඣිම නිකායට ලියූ ටීකාව ලෙස සඳහන් වී ඇති අතර , ගෞතම බුදුරදුන් දීඝවාපියේ දී තමාගේ ම නැදෑයින් වන ශාක්‍යවංශිකයින් විසින් කරවන ලද ශාක්‍යවංශ විහාරයේ වැඩ සිටිය බව එහි සඳහන් ය . මෙය සෙල්ලිපිය මගින් ද මනාව තහවුරු වේ . නමුත් අද ලංකාවේ කිසිවෙකු ශාක්‍යවංශික විහාරය යන නාමය ද අසා නැත . දැන් මෙම ස්ථානයට කලිඕඩය ගල් ඕඩය ලෙස ද අසල ඇති කන්දට මුල්ලිකොඩුළුමෛලෙයි ලෙස කියති . මෙහි ඇති සෙල්ලිපියක " ශකියවශවිහර ” යන්න සඳහන් වේ . එහි ම " ගපති පුත තිශ පුතන දො බතිකන ලෙණෙ ගොතම ශමෙණෙනම කරපිතෙ ” යන සෙල්ලිපිය ද ඇත . මෙම ලිපිය ප්‍රකාශිත ය . නමුත් මෙම ලිපිය ලංකාවේ කිසිවෙකුගේ අවධානයට යොමු වී නැත. මෙම විහාරයේ දී චුල්ලනාග හිමියන් ගාථා 1,000 ක් තිබුණු වෙස්සන්තර ජාතකය කියූ බව අප ඉහත සඳහන් කළෙමු.


අංගුත්තර නිකායට ලියූ ටීකාව මනොරථපූර්ණීය වූ අතර මෙහි අපූරු කථා දැක්ක හැක. සමනල කන්ද මුදුණෙ තිබුණු පාද චෛත්‍යය ( ආකාශචෛත්‍යය ) ට දීඝජන්තු යෝධයා රතුපාට වස්ත්‍රයක් පූජා කළ බවත් ( මනෝරථපූරණි ii, 228 පිට ) වෙශමුණි රජතුමා බුදුරදුන්ගේ ඉතා සමීප මිතුරෙකු බවත් ජාතක අට්ඨකථාවේ දැක්වේ . ( ජා . අ . i . 328 පිට ) ආටානාටිය සූත්‍රයේ දී අපි එළවන යක්කු මෙහි සඳහන් වන වෙශමුණි රජතුමා ය .


" යක්ඛානං ආධිපති කුවෙරා ඉති නාම සො රමතී නච්චගීතෙහි යක්බෙහි පුරක්ඛතොපුත්තාපි තස්ස බහවො එකනාමාති මෙසූතං අසීතං දස එකොච ඉන්දනාමා මහබ්බලා" 

යක්ෂයින්ට අධිපති වූ වෙශමුණි රජතුමාගේ ඇමති වූ අවරුද්ධ පිළිබඳව දීර්ඝ විස්තරයක් ධම්මපදට්ඨ කථාවේ දීඝායු කුමර වත්ථුවේ ( 338 , 339 පිටු ) සඳහන් වන අතර , මෙහි සඳහන් වෙශමුණි මහරජතුමාගේ පුත්‍රයින් 91 දෙනාගෙන් ( ආටානාටිය 17 ) එක් අයෙකු වූ බරණ සහ අවරුද්ධගේ පුත්‍රයා වූ දේව යන දෙදෙනා විසින් ගල්ලෙනක් කරවා මහා සංඝයාට පූජා කර ඇත්තේ මිහින්තලයේ සහ සිතුල්පව්වේ දී ය . එම ලිපිය පහත ඉදිරිපත් කරේ.


" පරුමක - වෙශමණ - පුත - බරණිය ලෙණ - දෙවහ - ච - චතුදිශ - ශගශ."  ( I.C.No. 09 )


"ගපති - අවිරද - පුත - පරුමක - දෙවහ - ලෙණෙ"  ( I.C. NO . 630 )


" පරුමක - වෙශමණ - පුත - පරුමක - බරණි - ච - පරුමක - අවිරද - පුත - පරුමක - දෙවහ - ලෙණ - අගත – අනගත – චතුදිශ ශගශ."  ( මෙම ලිපිය ප්‍රකාශ වී නැත . කෑගල්ල දිස්ත්‍රික්කය තුළ චතුර ග්‍රාමය අසල දේවතැන්න නැමැති ස්ථානයේ ගුවන් රථ ලාංඡනයක් සමඟ මෙම ලිපිය කොටා තිබෙන අයුරු එහි ගිය විට දැකගත හැක . )


ආටානාටියේ සඳහන් වන කුවේර රජතුමා විසින් කර වූ ලෙන් ලිපි සහ වෙශමුණි රජතුමාගේ පුත්‍රයින් අතර අශ්වින් කර වූ ලෙන් ලිපි පිහිටා තිබෙන්නේ කුරුන්දි අට්ඨකථාව ලියූ ප්‍රදේශයට අයත් වන නූතන එරුපොතාන සහ පෙරියපුලියන්කුලම් වල ය .


" පරුමක - කුවිර - ශිව - පුත - අබයශ - ලෙණෙ - ශගශ - නියතෙ " ( මෙහි කොටසක් I.C.No.333 යටතේ දැකගත හැක . ) සීහල මාතිකාට්ඨකථාව ද කුරුන්දාසෝකව විහාරයේ දී ලියන ලද ටීකාවක් ලෙස සඳහන් ය . පඤ්චප්පකරණය , පරමත්ථමඤ්ජුසාව , විභංගප්පකරණය , පරමත්ථවිනිච්ඡය ටීකා , මුලසික්ඛා අභිනව ටීකා , අභිධම්මත්ථ විකාසිනී , සච්චසංඛෙපටීකා , පෝරාණ මහාස්සයටීකා , සුමංගලපාසාදිනී ටීකා , විනය විනිච්ඡයටීකා , ඛෙමප්පකරණටීකා , නාමරූප පරිච්ඡේදටීකා , ගන්ථාභරණ ටීකා , රූපසිද්ධිටීකා , කච්චායන න්‍යාසටීකා , බලාවතාර ටීකා , මෙම ටීකාවේ දී දැවෙන්නේ ගෞතම බුදුරදුන්ගේ පිරිසිදු බුදුදහම ලංකාවට රැගෙන ආවේ පුණහිමියන් විසින් බවයි . මෙම පුණ්ණහිමියන් අසූමහා ශ්‍රාවක නාමලේඛණයේ දී 8 වන ස්ථානයට සඳහන් ය . මෙම පුණ්ණ හිමියන් මහණ වීමට පෙර වෙළෙන්දෙකි . ඔහු ලක්දිවට ( රත්නදීපයට ) පැමිණ මුතු , මැණික් , ඇත්දළ රැගෙන ලෝක වෙළඳාමට රැගෙන ගොස් ඇත . සිදුහත් කුමරු බුදුවීමෙන් පසුව මෙම වෙළඳ පුණ්ණ එම නමින් ම පැවිදි බිමට ඇතුලත් විය . ඔහුගේ සොහොයුරු භවිල රත්නදීපයට පැමිණ වෙළඳාමට රත්හඳුන් ( සඳුන් ) ලී කැපීමේදී , රුහුණේ ගාමිණි රජුගේ මුරකරුට අසුවී සිටියදී මොහුව බේරාගැනීමට ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුණ්ණ හිමියන් ගාමිණී රජතුමාට කරුණ  පහදාදීමෙන් පසුව සඳුන් දර නැවක් ම කපාගෙන ගොස් ඉන්දියාවේ සුප්පාරක වරාය අසල ගඳකිළියක් කරවා ගෞතම බුදුරදුන්ට පූජා කළේය. මෙයින් අනතුරුව බුදුරදුන් නර්මදා නදී තීරයේ සිරිපතුල් ලාංඡනයක් පිහිටුවා නෞකාවකින් රුහුණේ සිතුල්පව්වට වැඩම කළහ. එය සිහිවීම පිණිස මෙහි සෙල්ලිපියක් පිහිටුවා ඇත. 


" බමණ - මිශ - කුට - ගොතමශමෙණෙ - අගත - අනගත චතුදිශ - ශගශ නැව් ලාංඡනය " මෙයින් පසුව පුණ්ණ හිමියන් සහ සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයෙක් වූ සංඝරක්ඛිත හිමියන් යන දෙපොල සද්ධිවිහාරිකව වැඩ විසූ ගල්ලෙන් විහාරයේ පිහිටවන ලද ලෙන්ලිපිය අද දින ද සුරැකිව තිබේ. 


" පුණ - තෙරහ - ශදිවිහරිය - බත - ශගරකිතහ ලෙණෙ - ශගශ " ( I.C.No. 668 )

 පුණ්ණ හිමියන්ගේ පුත්‍රයෙකුගේ පුත්‍රයෙකු විසින් කරවන ලද ගල්ලෙන් විහාරය නූතන රිදීවිහාරය. එහි ඇති ලිපිය මෙසේය . 


" පරුමක - පුණ - පුත - පරුමක - තිශහ - ලෙණෙ - ශගශ ( I.C.No. 893 - B ) 

ලෙන් ලිපිය කරවා ඇත්තේ තිස්ස නැමැති අයෙකි. ඔහු තම පුණ්ණගේ පුත්‍රයා බව ලිපියෙන් කියා ඇත. මෙය හඳුනාගත හැක්කේ පුණ්ණ හිමියන්ගේ මව්තුමියට අයත් වූ කාම්බෝජ වණිග් පුග නැමැති වෙළඳ සමාගමට අයත් වූ නැව් සමාගමට අයත් වූ ලාංඡනය තිබීමෙන් ය. ගෞතම බුදුරදුන් මෙරටට වැඩම කරවූ නැව් සමාගම මඩුකශලියපුගියන ලෙස සඳහන් වී ඇත. එම සමාගම විසින් කර වූ ලෙන් විහාරයයි. නූතන ගෝණාගල ගල්ලෙන් විහාර ය. අද එය වනගත ය. එහි ඇති ලිපිය. 


" මඩුකශලිය පුගියන ලෙණෙ ශගශ පරුමක හදනහ කරපිතෙ "


නැව් සමාගම් පිළිබඳ ව හෝ ගුවන්යානා පිළිබඳව ත්‍රිපිටකයෙහි දැකීමට නොලැබේ. නමුත් ජාතක පාලියේ දී නැව් සමාගම් සහ ගුවන් රථ සමාගම් පිළිබඳ තොරතුරු හත් අට පොලක ම සඳහන් ය . මාතුපෝසක ජාතකය තුළදී නැව් දැක්ක හැක. අකිත්තිජාතකය අනුව බුදුරදුන් පෙරුම් පුරණා කාලයේ ලක්දිව ගුරුළු රජුය. ඔහු නිතර නිතර ඉන්දියාවට ගියේ ගුවන් රථයෙන්ය. (උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය 28 පිට) මේ අදට වසර කෝටිගණනකට ඉහතදී ය යැයි කිව හැක්කේ මෙම සිදුවීම බුදුරදුන් පෙරුම් පුරන කාලය වීම නිසාය.එසේනම් එදවස ද ලංකාව ඉතා දියුණු රටකි. රාවණා රජතුමා කාශ්‍යප බුදුරදුන්ව සමණල කන්ද මුදුනට රැගෙන ආවේද ගුවන් රථයකින්ය. නමුත් මෙම පුවත සූත්‍ර පිටකයේ නැත. ලංකාවතාර සූත්‍රය යන සූත්‍රයේදී ම පමණක් මෙය දැක්ක හැක. නමුත් ලංකාවතාර සූත්‍රය ලංකාවේ අයට අකැප ය.


 " මහාවිහාරවාසීතං සමයං අනුලෝමයං - තස්ස නිස්සාය පොරාණං  කථා මග්ගං 

අනාකුලං තත්තිනයානුගං - සුද්ධං කාරි සාමත්ථවණ්ණං ” ( විසුද්ධමග්ග  ටීකා ) 

මහාවිහාරයේ වැඩ සිටියා වූ බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට හැරවූ පුරාණ සිංහල අටුවා මොනවාද, ඒවා ලියූ පුරාණ පඬිවරු කවුද යන්න සටහන් නොවීම පිළිබඳව ගැටළු පැණනැගේ. මෙහි ම වැඩ විසූ මහානාම හිමියන් ද නූතන පාලි මහාවංශය ලීවේ පැරණි සිහලට්ඨකථා මහාවංශය ගිණිතබා විනාශ කරමින් ය. මෙහි සඳහන් වන පුරාණ ඇඳුරෝ කවුද ? මේ හෙළද්වීපයේ විසූ හෙළ ඇඳුරන්ය. මොහුන් කිසිවෙකුගේ නාම කිසිදු අටුවාවක හෝ ටීකාවක දැකීමට නොමැත. ලක්දිව පුරාණ ඇඳුරන් ලියූ සිංහලට්ඨ කථා මහාවංශය නැවත ක්‍රි . ව . 427 දී විකෘතිකර ලියනවිට එයට එරෙහිව හඬක් නැගුවේ පාසාණ දීපවාසී උපතිස්ස හිමියන්ය. මෙම හිමියන් ගැන ද සඳහන් වන තොරතුරු දැක්ක හැක්කේ මහා වංශයට ලියූ ටීකාව වන වංසත්ථප්පකාසිනීයේදීම පමණි. " ... පාසාණදීපවාසී උපතිස්ස ස්ථවිරපාදයෝ වනාහි, " යම් සේ ආහච්චභාතිත බුද්ධ වචනයෙහි ද පුහුණු කරවිය යුත්තන් සඳහා සංක්ෂේප  වූ ද සවිස්තර වූ ද, දේශනාවෝ වෙත් ද, අට්ඨකථායෙහි ද එසේ මැ යි, එහෙයින් මේ සිංහලට්ඨකථා මහාවංශයෙහි ඇතැයි කියන ලද අතිසංක්ෂිප්ත වචනයද, පුනරුක්ත වචනය ද, සදොස්ය යි කීම යුතු නොවේ .... " යැයි ප්‍රකාශ කර ඇත . මේ සිහලට්ඨකථා මහාවංශයේ තිබුණේ මොනවා ද යන්න අද සිටින කිසිවෙකුට කිව නොහැක. 

ත්‍රිපිටකය ලංකාවේ ග්‍රන්ථාරූඪ කළේ බු. ව. 100 දී ය, යන්න මා ප‍්‍රකාශ කරන්නේ සෙල්ලිපිවලින් හමුවන තොරතුරු නිසා ය. ඒ අනුව ගාමිණී අබය හෙවත් දුටුගැමුණු මහ රජතුමා ලක්දිව රජය විචාරන්නේ බු. ව. 15 න් පසුව බු. ව. 100 ත් අතර කාලය තුළ වීම නිසාය. බුදුන් දවස රුහුණෙහි තිබුණු සඳුන්ගම නුතනයේ බෝවත්තේගල ලෙස හැඳින්වේ. එහි ඇති සෙල්ලිපියක ශුමණගේ පුත්‍රයෝ දස දෙනෙකු ගැන කියැවේ. මෙම ශුමණගේ, මීමිණිපිරිය - විහාරමහාදේවිය, ශුමණ යනු නූතන සුමන සමන් දෙවියන්ය. මොහු පණිත මහරජතුමාගේ පුත්‍රයෙකු සේම භාණ්ඩාගාරික ද වේ. ( I.C. NO . 1035 ) 


ශුමණගේ පුත්‍රයෝ දස දෙනාගෙන් එක් අයෙකු " චෙම " යි මෙම චෙමට අයත් ලෙන කාවත්තිස්ස රජතුමා සහ එම දේවිය යන දෙපොළ විසින් ගෞතම බුදුරදුන් සමග මෙරටට වැඩම කළා වූ මහාසංඝයාට පූජාකර ඇත.


 " පිත - මහරඣහ - බඩගරික - පරුමක ශුමන පුත - පරුමක - චෙමශ - ලෙණෙ - රඣ තිශහ රඣිහශිනියතෙ - අගත - අනගත – බගවත - සගස ” යන ලිපියෙන් මෙම සිදුවීම පැහැදිලි කරගත හැක. මෙම සෙල්ලිපියට ඉංග්‍රීසීන් විසින් වැරදි අර්ථකථනයක් දීම නිසා එම ලිපිය විකෘති වී ඇති බව පෙනෙයි. මෙම ලිපියේ අග කොටසෙ හි සඳහන් " බගවතසගස ” යන අකුරු හත ( 7 ) ඉංග්‍රීසීන් විසින් කියවා ඇත්තේ චතුදීශ ශගශ ලෙසට ය. මෙම ලිපිය පිළිබඳව කිසිදු වග විභාගයක් නොකළා වූ නන්දසේන මුදියන්සේ මහාචාර්යතුමා තමාගේ පොතට එම ලිපිය මෙසේ ඉදිරිපත් කර ඇත. පිතමහරඣහ බඩගරික පරුමක - ශුමන පුත පරුමක - චෙමශ ලෙණ රඣ තිශහ රඣි යශි නියතෙ අගත - අනගත – චතුදිශ - ශගශ ( 117 පිට) මෙය චතුදිශ - ශගශ නොව, බගවත සගස යනුයි ” මෙය නැවත නිවැරදි කිරීම උගතුන්ගේ යුතුකමක් සේම වගකීමක් ද වේ. සෙල්ලිපිවල අකුරු වැරැද්දීම බරපතල වරදක් ලෙස අපට කීවේ ජ/පුර විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්. බී. හෙට්ටිආරච්චි මහතාය. අප මේවා නිවැරදි කිරීමට යම් උත්සාහයක යෙදෙන විට අපට එල්ලවන චෝදනා බොහෝය. වරදක් වී ඇත්නම් එය පෙන්වා නිවැරදි කිරීම ජාතික යුතුකමකි.

ලංකාවේ උගතුන් විසින් මූලාශ්‍රයන් ලෙස ගන්නා වූ පාලිමහාවංශය අනුව සංඝමිත්තා තෙරණිය පිරිණිවන් පාන්නේ උත්තිය රජතුමා රජ වී වසර නවයක ( 9 ) දීය. ( 20 පරි. 49 , 50 ගාථා) ඒ වනවිට සංඝමිත්තා මහා තෙරණීන්ට වයස 61 කි. දේවානම්පියතිස්ස රජවී මාස 4 ක් 5 ක් ගිය විට ජයශ්‍රීමහා බෝධියේ දකුණු ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය මෙරට වැඩම කරවයි. දේවානම්පියතිස්ස රජු වසර 40 ක් රජය කරවීය. සංඝමිත්තා තෙරණිය 61 දී පිරිණිවන් පාන්නීය. 61-40ක් අඩු කළ විට 21 කි. උත්තිය රජුගේ අවුරුදු 9 ය අඩු කළවිට 21 - 9 වයස 12 කි. ඒ අනුව (මහාවංශය අනුව) වයස 12 දී සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කරවා ඇත. ඒ පැමිණීමට පෙර මිහිඳු හිමියන් සමග පැමිණි සුමන සාමණේර භික්ෂුව - සංඝමිත්තා තෙරණියගේ පුත්‍රයා බව මහාවංශයේ 5 වැනි පරිච්ඡේදයේ 169, 170 ගාථාවල ද 13 පරි. 4 වැනි ගාථාවේ ද සඳහන් ය, 


සාමණේර සුමන හිමියන් උපසම්පදා කළේ මිහින්තලයේ දී ය. ඒ වනවිට සුමන හිමියන්ට වයස කීයද ? වයස 20 ක් ද, සුමන හිමියන්ට වයස 20 ක් නම්, සංඝමිත්තා තෙරණියට වයස 12 කි. උපසම්පදා 20 ක් සමග එකතු කළ විට 32 කි. 32 - 20 අඩුවූ විට 12 කි. සංඝමිත්තා තෙරණියගේ සැමියා අග්ගි බ්‍රහ්ම  යි . 

" භාගිනෙය්යො නරින්දස්ස අග්ගිබ්‍රහ්මාති විස්සුතො 

අහොසි රඤ්ඤ, ධීතාය සංඝමිත්තාය සාමිතො ” 

(5 පරි. 169 ගාථාව) 

මෙම දෙදෙනාගේ පුත‍්‍රයා සුමණ සාමණේරයන් ය. අවුරුදු දොලහේ ( 12 ) දී දරුවෙකු වැදීමට නම් වයස එකොලහේ (11) දීවත් විවාහ විය යුතුය. ඒ අනුව සංඝමිත්තා තෙරණිය මහතෙරණියක් ද යන්න විමසා බලා තීරණය කිරීම පාඨකයා සතුවන අතර අප මේ මතක්කර දුන්නේ, අටුවා සහ ටීකාවල ඇති තොරතුරු ය. පාලිබෝධිවංශයට ලියන ලද ටීකාව අනුව, මිහිඳු හිමි, සංඝමිත්තා තෙරණිය, දේවානම්පියතිස්ස යන තිදෙනාගේ උපදෙස් අනුව සුනන්දා නම් සාමණේරීන් සිවුරු ගලවා මිහිඳුහිමියන්ගේ මාමා වූ බෝධිගුත්ත කුමරුට විවාහ කරදී ඇති අතර, එම දෙදෙනාට ලැබුණු දරුවන්ට බෝධිය ආරක්ෂා කිරීම සඳහා සුලුලිය මහා ලේනා තනතුරු දී විල්බා ජනපදය ප්‍රවේණි කර දී ඇති බවත්, එම ග්‍රාමය කුවේණියගේ පුත්‍රයා වූ විල්බා කුමරු ජිවත් වූ ග්‍රාමය බවත් සඳහන් ය. මෙය නූතන සිංහල බෝධි වංශයේ ද 128, 130 යන පිටුවල දී ගාථා අංක 390, 395 දැක්ක හැක. 

" විනයෙ පාටවත්ථාය සාසනස්ස ච වුද්ධියා - වණණනා ච සමාරද්ධා විනයට්ඨකථාය සා ” 
" සාරත්ථදීපනී නාම සබ්බසො පරිනිට්ඨිතා - තිංස යහස්ස මත්තෙ ගනේථහි පරිමාණ තො ති"

 විනය දැනුමෙහි පටුත්වය සඳහා ද ශාසනාභිවෘද්ධිය පිණිස ද විනය අටුවාව වූ සමන්තපාසාදිකාව හා අනුබද්ධ සංවර්ණනාව හෙවත් ටීකාව ආරම්භ කළහ. 

සාරත්ථදීපනී නම් වූ අර්ථ වණ්නාව  - ටීකාව සර්ව ප්‍රකාරයෙන් පිරිපුන් ලෙස ලියා නිම කළහ. එහි ප්‍රමාණය ග්‍රන්ථ තිස්දහසකි  (30,000). මෙම ග්‍රන්ථ 30,000 කුමක් ද ? එම ග්‍රන්ථ අද අපට දැකීමට නැත්තේ ඇයිද යන ප්‍රශ්ණය පැණනගී. කාලිංග මාඝ, මූසමානයින්, පෘතුගීසීන්, ලන්දේසීන් විසින් විනාශ කර ඇති ග්‍රන්ථ ප්‍රමාණය කොතෙක් ද, පසුව ඉංග්‍රීසීන් විසින් එංගලන්තයට රැගෙන යන ලද ග්‍රන්ථ දස දහස් ගණනක් ද විනාශ වී දැනට 3,000 ක් පමණ ඉතිරිව ඇති බව අප දනිමු . මේ අතර උත්තරවිහාර අට්ඨකථාව ඇමරිකාවේ ඇති බවට මතයක් ද පවතී. සිහළවත්තුප්පකරණය බුරුමයේ කුණු ගොඩක තිබී අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි සිංහල අකුරින් මුද්‍රණය කළ බව ද අප දනිමු. බුරුමයේ දී ලියන ලද ග්‍රන්ථයක සඳහන් වන්නේ ගෞතම බුදුරදුන් හත්වන වසේදී ද ලංකාවේ මංකුල පර්වතයට ( නූතන මාවතගම අසල මකුලාන) පැමිණි බවයි. යක්ෂ ගෝත්‍රිකයින්ගේ වරිගපූර්විකාවේ සඳහන් අනුව ගෞතම බුදුරදුන් ගිරිභද්‍ර සෙනෙවියාට විෂකුම්භ සූත්‍රය දෙසු බවයි. මෙම තොරතුරු ත්‍රිපිටකයේ හෝ කිසිදු අට්ඨ කථාවක සඳහන් නොවේ. 

මෙම ග්‍රන්ථ කිසිවක් නොකියවූ සමහර උදවිය අපට අට්ඨකථා කියවා දැනුම ලබා ගැනීමට ද බුදුසරණ පුවත්පතින් අවවාද කර තිබිණි. එයට පිළිතුරු මෙම ලිපියේ ඇතැයි මා සිතමි. 

මිහිඳු හිමියන් මෙරටට පැමිණීමට වසර 190 කට ඉහත ගාමිණි අබය හෙවත් දුටුගැමුණු මහ රජතුමා මෙරට මහරජතුමාය. දුටුගැමුණු මහරජතුමා රුහුණට අයත් දමරාජපරපුරේ ශුමණගේ මී මුණුපුරෙකි . අප ඉදිරිපත් කළ මෙම කරුණු පිළිබඳ සත්‍ය අසත්‍යතාවය ශාස්ත්‍රීය සංවාදයකට බුදුසරණ පාඨකයාට අප ගෞරවයෙන් ආරාධනා කරමු.

ජයරත්න පතිරආරච්චි මහතා විසින් අටුවා සහ සෙල්ලිපි ලිපිය පිළිබඳව පටිගත කරන ලද විග්‍රහය...






















Tuesday, June 1, 2021

අනුරාධපුරයට වඩා පැරණි කොළඹ


කොළඹ නොහොත් කොලාම්තොට යනු අරාබි වෙළදුන් නිසා ජනාවාස වූ වෙළඳ නගරයක් බව ලංකා ඉතිහාසය පාඩමින් අපට උගන්වා ඇත . නමුත් පැරැණි ලේඛනවල ( අටුවා කථාවල ) කාලකච්චගාම නමින් හැඳින්වුන ජනාවාසය වත්මන් කොළඹ නගරය බව අපට උගන්වා නැත . කැලණි ගං මෝය අසල පිහිට කාලකච්චගාම යන්නෙහි අර්ථය වන්නේ " කළු කිහිලි ගම " නැතහොත් " වරාය ආශ්‍රිත ගම " යන්නයි . මහාවංශයට අනුව අනුරාධපුරය අපගේ පැරණිම නගරයයි . පණ්ඩුකාභය රජු විසින් ( ක්‍රි . පූ . 436-366 ) එය ගොඩනංවන ලදී . පංචසුදනී අටුවාවට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් වසර හැටකට පසු ( ක්‍රි . පූර්ව 483 දී ) කාලකච්චගාමයේ පිහිටි කාලදීඝවාපිද්වර විහාරයේ තිබූ හෙට්ඨා ප්‍රාසාදය නමැති පස් මහල් සංඝරාමයේ සිට මලියදේව තෙරුන් ධර්මය දේශනා කරන ලදී . නිවැරදි ඉතිහාසය කරා එළැඹීමට මෙම අවුල විය යුතුය.ම අනුව ගිය " කොඩිරිංටන් ලංකා ඉතිහාසයෙහි " කාලකච්චගාමයක් නැත , ශ්‍රී මහා බෝධි රෝපන උත්සවයට ආ චන්
වාපී ශිෂ්ටාචාරය යටත කාලකච්චගාමයේ ( කොළඹ ) වැව කාලදීඝවාපි විය . කාලාදීඝගාමයටද ඉන් ජලසම්පාදනය කෙරිණ . වංශකතාවල නැති මෙම තොරතුරු ඇත්තේ පාලි අටුවා ග්‍රන්ථවල පමණකි .

විහාරස්ථානයන් පිහිටි ගල්තලාවල් හා ගල්ලෙන් කඩා බ්‍රිතාන්‍යයෙන් පාරවල් සැදීම සඳහා ප්‍රයෝජනයට ගැනීම නිසා පැරැණි ශිලාලේඛන කිසිවක් මෙහි නැත . නිශ්ශංකමල්ල සමයෙන් පසුව පමණක් සෙල්ලිපි කීපයක් ඇත. ඒ නිසා පාලි අටුවා සහ සාහිත්‍යමය සාකෂි මත ඉතිහාසය ගොඩනැංවීමට සිදු වේ .

මහාවංශය , මහාවංශ ටීකාව ( වංසත්ථාප්පකාසනී ) , දීපවංශය , මනෝරථ පූර්ණි , සම්මෝහ විනෝදනී , පපංචසුදනිය , රාජාවලිය , නිකාය සංග්‍රහය , රාජරත්නාකරය , මානියම්ගම තල්පත් සන්නස , රාවණ රාජවලිය , අලකේෂ්වර යුද්ධය , පරංගි හටන , මන්දාරම්පුර පුවත ආදී 50 ට වැඩි ලේඛන ආශ්‍රිතව කාලකච්චගාමයේ පැවැත්ම හා විනාශය දැන ගත හැක .

එමෙන්ම පෘතුගීසි ලේඛකයන් වන ඩී . කූටෝ හා කෙවිරෝස් පියතුමා ද , ඉබන් බතුතා නමැති අරාබ් සංචාරකයා ද තොරතුරු හෙළි කිරීම් කර ඇත. සී . ඩබ් . නිකොලස්ගේ පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික විස්තරයක් ආචාර්ය ඊ . ඩබ් . අදිකාරම්ගේ ලංකාවේ බුදුසසුනේ ආදි ඉතිහාසය , ආචාර්ය පී . බී . සන්නස්ගලගේ සිංහල සාහිත්‍ය වංශය ආදී කෘතිවලින්ද අදාළ තොරතුරු සොයා ගත හැක .

කාලදීඝවාපී නමැති වැව මෙම ජනාවාසයෙහි වූ අතර එය පැතිරී තිබූ ප්‍රදේශය දැනුදු හදුනා ගැනීම අපහසු නැත . වඩාත්ම විස්තර ඇත්තේ මෙහි පිහිටි විහාරස්ථාන තුන ගැනය .
1. කාලදීඝවාපි ද්වාර විහාරය හා පිරිවෙන , 2 , නාග මහා විහාරය ,
3 .කාලකච්චගාම විහාරය එම ස්ථානයන්ය .
ආචාර්ය අධිකාරම් හා සී . ඩබ් . නිකොලස් යන දෙදෙනාම මෙම ස්ථාන ගැන සඳහන් කරති. කැලණිය අසළ තිබූ විහාරස්ථාන ලෙස මේ සියල්ල ඔවුහු සඳහන් කරති . කැලණි ගඟින් උතුරෙහි කැලණි විහාරයත් ගඟින් දකුණෙහි කොළඹ නගරයත් අද දකිනු හැක .

කළුදිග වැව හෙවත් කාලදීඝවාපිය ගොවිතැනට ජලය සැපයුවාද නැතිනම් බීමට අවශ්‍ය ජලය සැපයුවාද යන්න නිශ්චිතව කිව නොහැක. මෙම ප්‍රදේශයට අවුරුද්ද පුරා වැස්ස ලැබුණ නිසා සහ වියළි කාලයක් නොවූ නිසා වැවක අවශ්‍යතාව හඳුනා ගැනීම පරිස්සම්න් කළ යුතුය . මරදාන කාර්මික විද්‍යාලය අසළ මෙහි හොරොව්ව පිහිටා තිබූ අතර මෙය වැව් බැඳි රාජ්‍යයේ සොරොව් සම්ප්‍රදායට එකඟ නැත . වැවේ ජල පීඩනය වැඩිම හා ගැඹුරුම තැන ඇසුරින් රජරට වැව්වල සොරොවි ඇතත් කාලදීඝවාපියේ සොරොව්ව ඊට වඩා උස් මට්ටමක ඇත . 1527 දී මෙය සාන්ත සෙබස්තියන් සොරොව්ව නමින් හඳුන්වන්නට පටන් ගැනිණි . පංචිකාවත්ත කොටසක් හා මාළිගාවත්ත වැවට යටවී තිබිණි . මරදාන පොලිසියේ සිට අළුත්කඩේ උසාවි සංකීර්ණය දක්වා ඇති වැව් බැම්ම හඳනාග ගත හැක . 1838. 10.23 දින පී . ෆර්නැන්ඩස් නමැති ඉංජිනේරු තැන විසින් ආණ්ඩුකාරයාට ඉදිරිපත් කළ කැලණි ගගේ ජල පාලනය පිළිබඳ වාර්තාවෙහිද මරදාන සන්තබස්තියම , කයිමන් දොරකඩ ආශ්‍රිත වැව ගැන සඳහන් කරයි . වේල්ල වීදිය නම් වුණේද වැව් බැම්ම නිසයි .

වැවි ශිෂ්ටාචාරය පණ්ඩුකාභය රජුට වඩා පැරැණි බවටත් වියළි හා තෙත් කලාපවල ජනාවාසයක වැවක් තිබූ බවටත් මෙය සාකෂියකි . දීඝවාපිය හා කාලදීඝවාපියත් එ ආශ්‍රිත ජනාවාසයත් ඉතා දුරබැහැර ප්‍රදේශ 2 ක මෙසේ තිබෙන්නේ කොළඹ හා දීඝවාපිය එකිනෙක සම්බන්ධකම් තිබූ ජනාවාස දෙකක් වූ නිසා විය හැක . මහා විහාරයන් දෙකක්ද මෙම ජනාවාස දෙකෙහි විය .
කාලකච්චගාම විහාරය එම ජනාවාසයේ වැසියන්ගේ වැඳම් පිදුම් සඳහා තිබූ ස්ථානය වුවා විය හැක . මෙය භිකෂු ආරාමයක් නොවීය . එබැවින් ප්‍රමාණයෙන් කුඩා වන්නට ඇත . මෙහි පිහිටීම හඳුනාගත නොහැකි වුවද විශාල පැරැණි බෝධිය ඇසුරින් මහ රෝහල් වෛද්‍ය සංඛ්‍යා ලේඛනාගාරය අසළ වු බව අනුමාන කළ හැක .

කාලදීඝවාපිද්වාර විහාරය හා පිරිවෙන යනු විශාල භිකෂු ආරාමයකි . පපංචසුදනී අට්ඨකථාවට අනුව ( පිටු 869 සහ 1263-25 ) භිකෂන් 12,000 ක් පමණ ඉගෙන ගනිමින් වැඩ සිටි අතර අක්කර 600 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරුණු ආරාමයකි . රේණුකානේ චන්දවිමල හිමියන්ගේ කෙලෙස් එක්දහස් පන්සිය -1998 කෘතියේ ඇති මනෝරථ පූර්ණියෙන් උපුටාගත් කථාවකට අනුව කැලණි විහාරයේ තරුණ භිකෂුවක් ඉගෙනීම සඳහා කාලදීඝවාපිද්වාර පිරිවෙනට ගොස් උගෙනීම නිමකොට ආපසු යෑමට ප්‍රථම පිඩුසිඟා යද්දී ස්ත්‍රියක කෙරේ රාගයෙන් බැඳීම නිසා සිදවූ විපතක් විස්තර කෙරේ . පුංචි බොරැල්ල , ආනන්ද විද්‍යාලය , මරදාන පොලිසිය , මහ රෝහල් සංකීර්ණය , අළුත්කඩේ උසාවි සංකීර්ණය , ගල්ල , හා නරින්ගේතැන්න ( ආමර්වීදිය ) ඇතුළත් වන විශාල භූමි ප්‍රදේශයක් ඊට යටවී තිබිණි . ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් මෙහි වූ අතර හෙට්ඨා ප්‍රාසාදය නමැති පස්මහල් සංඝාවාසයක්ද කාලදීඝවාපිද්වාර විහාරයට අයත් විය .

හෙට්ඨා ප්‍රාසාදය යනු ගල්කණු මත ගොඩනැගුණු පස්මහල් ප්‍රාසාදයකි . එහි උඩම තට්ටුව උපරි ප්‍රාසාදය ලෙස හැඳින්වින . ගල්කණු දස දහස් ගණන් මෙහි වූ අතර අනුරාධපුරයෙහි ඉදිකළ ලෝවාමහා ප්‍රාසාදය තැනීමටද මෙය ආදර්ශයට ගන්නට ඇත . පපංචසුදනී අටුවාවේ දැක්වෙන අයුරු බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුද්ද 60 ට පසු ( ක්‍රි . පූ . 483 ) මලියදේව රහතන් වහන්සේ උපරි ප්‍රාසාදයේ සිට ධර්මදේශනා කළ විට ( මලියදේව නමින් රහතන් වහන්සේලා ගණනාවක් ඇත . ) 60 නමක් හිකෂුහු රහත් ඵලයට පැමිණියහ . ඉන් පසුව නාග මහා විහාරයේදී කළ ධර්මය ශ්‍රවණය කර තවත් භිකෂුහු 60 නමක් රහත් වූහ . කාලදීඝවාපිද්වාර විහාරය හා නාග මහා විහාරය යන ස්ථාන දෙකම නාගයන්ගේ වුවද මේ විහාරස්ථානයන් දෙකක් බව එ අනුව පැහැදිලිය .

ගිලිය නොදී සැට මහණුන් බව මහණ 

මලියදෙවි තෙරිඳ වැඩ හිඳ දෙසූ බණ

දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ

බැලිය හැකිනම් දැක වැඳ යා කළණ

යනුවෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිම්යන් සැළලිහිණි සංදේශයෙහි සඳහන් කරන්නේද මෙම පස් මහල් ප්‍රාසාදය ගැනය .

නාග මහා විහාරය කුමන ස්ථානයක පිහිටියේදැයි හඳුනාගත නොහැක . " මහා විහාරය " යන නම භාවිතා වූවද මහා විහාරය වුණේ කාලදීඝවාපිද්වාර විහාරය පමණි .

කොල්ලුපිටියේ පොල්වත්ත විහාරයද මේ යුගයටම අයත් අතර ක්‍රි . පූ . යුගයේදී එය " කණිකාර චාලිකා සමුද්ද විහාරය " ලෙස හැඳින්වුනි . ක්‍රි . ව . 1390 දී ඊට අක්කර 2O0 ක පොල් වත්තක් අයත්ව තිබූ බව සඳහනි .

කාලකචිච ග්‍රාමයේ නිග්‍රෝධ බෝධි වන්දනාව පැවතිණි . නිග්‍රෝ ( නුග ) බෝධිය යනු කාශ්‍යප බුදුන් පිටදුන් වෘකයයි . ගෞතම බුදුන්ට වඩා කාලකච්චගාමය පැරැණිද ? නොඑසේ නම් ඔවුන් නිග්‍රෝධ බෝධිය පිදවේ ඇයි ? යන ප්‍රශ්නවලට අනාගතයේ පිළිතුරු සපයා ගැනීමට සිදුවනු ඇත .

කාලකච්චගම කොළඹ බවට පරිවර්තනය වීම කුමන කාලයකදී කෙලෙස සිදුවිනිද යන්න කීමට නොහැක . වීර අලෙකේශ්වර විසින් 14 සියවස අගදී කෝට්ටේ ජයවර්ධනපුරය ගොඩනංවන අවධියේ ලියැවුණ නිකාය සංග්‍රහය විසින් " කොලම්බාහිදාන දෝණි මුඛාසන්නයේ විහාරය " ලෙස කාලදීඝවාපිද්වාර විහාරය හඳුන්වයි . " කාල " නමැති වචනය කළු පැහැය සිහිගන්වයි . " කවිච " යනුවෙන් කිහිල්ලක ස්වරූපය " ඇති දියපාරක් අර්ථවත් කෙරේ . " අඹ යනු ජලයට නමකි . කාල අඹ ඝ කාළඹඝ කොළඹ වූවාද විය හැක . කොලොම්තොට යන්න මින් සැදෙන්නට ඇත . " කොළ අඹ " ගසක් පිළිබඳ ප්‍රවාදය ඉංග්‍රීසීන් විසින් අපට ඉගැන්වූ විහිළුවකි .

බොරැල්ල ප්‍රදේශයේද පළමුව බෝධි මල්ගොඩ ලෙස තිබී පසුව බෝධි මළුගොඩ වූ බව බෝධිවංශය කියයි . මෙයට පසූව බෝ , රැල්ල වී අනතුරුව බොරැල්ල වූවා විය හැකිය . මේ අවට බෝධි වෘකෂ වැඩියෙන් දකිත හැක .

ලංකාව ආක්‍රමණය කළ විවිධ ජාතීන් අතින් කොළඹ ගල්ලෙන් ආරාම හා විහාරයන්ද කළුදිග වැවද පැරැණි ජනාවාසය ද විනාශ වී ගොස් ඒවායේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස්වී ගියේය .

කොල්ලකෑමේ ක්‍රියාදාමය " වෙළඳාම " නමැති වචනයෙන් විස්තර කළ අරාබි වෙළඳුන් ( කොල්ලකරුවන් ) කොලොම්තොට පදිංචි වූ මුල්ම වකවානුව ලෙස ක්‍රි . පූ . 949 දැක්විය හැකි බවට සී . ඩබ් . නිකොලස් සඳහන් කරයි . ( පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන ) වටිනා වස්තු බලහත්කාරයෙන් ලබාගැනීම මෙම වෙළඳාමේ අංගයකි . කොළඹ පූජනීය ස්ථානයට පළමු වැනි ආක්‍රමණය එල්ල වූයේ කාලිංග මාඝගෙනි . මේ 1917 දීය . පැහැරගත් ගල්කණුවලින් හා ගල්වලින් කෝට්ටහේන්නෙහි ( කොටහේන ) පළමූ හින්ද කෝවිල තැනිණ . 3 වන විජයබාහු රජු ( 1232 - 1236 ) මාඝ විනාශ කළ කාලකචගාමත් කැලණියේත් ආරාම චෛත්‍යයන් ප්‍රතිසංස්කරණය කළේය . එමෙන්ම වත්තල විජයබාහු පිරිවෙනද සාදා මුතුරාජවෙල මේ ප්‍රදේශයේ ව්හාරාරාමවල නඩත්තුව සඳහා යෙදවිය 2 වන පරාක්‍රමබාහු රජු ( 1236 - 1272 ) පස්මහල් ප්‍රාසාදය හා පිළිම ගෙවල්ද ප්‍රතිසංස්කරණය කළේය . මේ වනවිට කාලකචගාමයේ වටිනාකම හා වැදගත්කම පහල වැටී කැලණි විහාරය ප්‍රදේශයේ ප්‍රමුඛස්ථානයට ඇවිත් තිබිණි .

14 සියවසේදී ඇබිසියානු හමුදාවක් සහිත මහමදික කොල්ලකරුවෙක් කොළඹ සිය වාසස්ථානය කරගෙන මැරවර පාලනයක් කර ගෙන ගියේය . ( කොඩ්රින්ටන් එස් . එචි . 82 , විශ්වවිද්‍යාලයීය ලංකා ඉතිහාසය 386 , 387 , 530 ; රාජකීය ආසියාතික සංගම සඟරාව 3 වන වෙළුම - 227 පිට ) මහන්දික බලයට මෙකල කොළඹ යට විය . මූළු මහත් ඉන්දියාවද මෙකල දිල්ලි සුල්තාන් පාලනයට යටත්ව තිබිණි .

විශාලම විනාශය කරන ලද්දේ පෘතුගීසීන් විසිනි . විහාරස්ථාන සියල්ල විනාශ කර දමා ඒවායේ ගල්කණු සහ ගල් කොළඹ කොටුව බැඳීමට , දේවස්ථාන ඉදිකිරීමට , වෙළඳ ගොඩනැගිලි සෑදීමට යොදා ගති . මහාවංශයේ ( 2 වන භාගයේ ) 284 , 285 පීටවල මෙසේ දැක්වේ . " එකල්හි කොළොම්තොට සිටි වෙළෙන්දෝ බොහෝ කලක් එසේ සිට ක්‍රමයෙන් උත්සන් වූහ . ම්සදිටුගත් පවිටු කුරිරු දරුණු පරංගි නම් වූ ඒ සියල්ලෝම මනෝඥ එ එ රටට ගොස් කෙත් වනසන්නාහු ගෙවල් දවන්නාහු පුරවරයන්ද චෛත්‍යරාමයන්ද ප්‍රතිමාද බෝධිවෘකෂ හා බුද්ධ ප්‍රතිමා බිඳ බුද්ධ ශාසනය හා ලෝකයද වනසා එ එ තැන බලකොටු බැඳ යුද්ධ කරමින් සිටගත්හ ... "

අවිස්සාවේල්ල මානියම්ගම රජමහා විහාරයේ අධිපතිව විසු සිටිනාමළුවේ සෝහිත හිමියෝ ද මෙම විනාශයන් ලේඛන ගත කළහ . දොන් ජෝර්- නමැති පරංගියා විසින් කාලදීඝවාපිද්වාර විහාරයේ බෝධ්යක් විනාශ කිරීම නිසා දොන් ජෝර්- බෝ රුක . නමැති නාමය ඔහුට ව්‍යවහාර වීම ඉන්ඩියන් එපමෙරිස් නමැති එල් . ඩී . එස් . කානුක්
පිල්ලේ හා ඩිවාන් බහදුර් 1799 දී ලියු පංචාග ලිතේ ( 1922 මදුරාසි මුද්‍රණයේ ) 262 පිටුවේ සඳහන්ය .

සීතාවක රාජසිංහ රජුගෙන් හා දොන් ජුවන් ධර්මපාලගෙන්ද විහාරස්ථාවලට හා භිකෂූන්ට හානි සිදුවිණ . සංඝයා වහන්සේලා එකතු වී කොනප්පු බණ්ඩාරට උඩරට රජකම ලබාදීමට තීරණය කිරීම නිසා වධහිංසා ඇතිවී කොළඹ හා අවට භික්ෂූන් පලාගොස් විහාරස්ථාන හිස් විය .

අපව ශිෂ්ටාචාරසම්පන්න කිරීමට හා රට දියුණු කිරීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යයන් අතින් අවසාන විනාශය සිදු විය . අළුත්කඩේ ධර්මාධිකරණය ඉදිකළේ විහාරරාම විනාශ කර ලබාගත් ගල්කණු හා ගල්වලිනි . කුමාර , මැලිබන් , කයිසර් අළුත්යෝන් හා පරණයෝන් ආදී වීථිවල ඇතිරු කළුගල් අදත් දකිත හැක . කයිමන් දොරකඩ , කැම්බල් පාරේ හා ලේක්හවුස් අසළ බෝක්කු ද කාර්මික විද්‍යාලය ළඟ ගල් සොරොවුවද මෙසේ ලබා ගත් ගල්වලින් සැදිණි .

කාලකවිගාමයේ නටබුන්වලින් අදට ශේෂ වී ඇත්තේ කලදීඝවාපිද්වාර විහාරයේ තිබූ එක් පින්තාලියක් පමණි . පරණ උසාවි ගොඩනැගිල්ල තුළ ඇති මෙයට එහි නිලධාරීහු " සඳකඩ පහණ " යැයි කියති . වට අඩි 12 ඇති උස අඩි 4 ඇති මෙය කැටයම් බහුල නිර්මාණයකි .

අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ගල්පඩි බොහෝමයක්ම කාලදීඝවාපිය විහාරයට අයතේ ගල්කණුවලින් නිර්මාණය වී ඇත . ඒවා පාගා ගෙන යුක්තිය ඉටු කර ගැනීමට යාම හා එම සිදු වේ . එම ගල ප්‍රමාණයන් නම් අඩි 4×3 , 5x3, 5x2, 4x2, 3x2 , 3½x2½,
17x2, 12x2, 8x2, 7x2, 6x2, 5x2, 4x2 ආදී වශයෙනි . මල් ආසනවලින් හා බෝධිඝරවලින් පිටතට දියබැස යන කානුවල තැබූ ගල් අඩි 3x1½,   2x1½  ලෙස හඳුන්වා දිය හැක . දස දහස් ගණනාවක් වන මෙම ගල් ගණන් කර ලේඛනගත කළ යුතුය .

අධිකරණ සේවා කොමිසන් සහා ගේට්ටුව ළඟ හා දෙපැත්තේ විචිත්‍ර ගල්කණු 8 ක් ඇත මේවා අමුතු හැඩයකට නිර්මාණය කළ කණු වෙති .

මෙහිදී සඳහන් කළ යුත්තේ අනුරාධපුරයේ වෙස්සගිරි ලෙන්වලටද මෙම ඉරණම අත්වන්නට ගිය මොහොතේ ( පාරවල්වලට දැමීමට ගල් කැඩීම ) එය වලක්වාලූයේ පුරාවිද්‍යා කොමසාරිස් දොන් මර්තීදු ද සිල්වා වික්‍රමසිංහ මහතා බවය .

සම්පිණ්ඩනය -

වජයාගමණයට පළමුව හා අනුරාධපුර අගනුවර වීමට පළමුව මෙරට පැවැති නාග ( නාවික ) ශිෂ්ටාචාරයේ හා සංස්කෘතියේ ස්වභාවය පෙන්වන ජනාවාසයක් ලෙස කලකච්චගාම නොහොත් වත්මන් කොළඹ දැක්විය හැක . කැලණි ගං මුවදොර පිහිට් මෙම ජනාවාසයද වැව් ගමක් වීම තවදුරටත් හැදෑරිය යුත්තකි . වැව යනු වියළි කලාපයේ ජල සම්පාදන මාධ්‍යය බව සමාජ පිළිගැනීමයි . නාවික ශිෂ්ටාචාරය බලවත් වූ මේ යුගයේ ( නාවික වෙළඳුන් ) ගොවිතැනට දෙවැනි තැනක් හිම්වන්ට ඇත .

දීඝවාපි හා කාලිදීඝවාපී වැවද දීඝවාපි මහා විහාරය හා කාලදීඝවාපිද්වාර මහා විහාරයද නැගෙනහිර වෙරළෙහි කල්‍යාණිය හා බටහිර කැලණි ගඟබඩ කල්‍යාණියද පෙන්වන්නේ මෙම ජනාවාස දෙකහි නාගයන්ගේ සම්බන්ධයන්ය . මඩුකශලිය පුගියන නමැති නැව් සමාගම හා සම්බන්ධ නැගෙනහිර වෙරළේ නාගයගේ සෙල්ලිපි බොහෝ කරුණු හෙලිදරව් කරතත් කාලකච්චග්‍රාමයේ හෝ කාදීඝවාපි ග්‍රාමයේ ගල්කඩා පාරල්වලට දැමීම හා ගොඩනැගිලි බලකොටු ආදිය සැදීම නිසා , සෙලිපි සාක්ෂි ඉතිරි වී නැත .

පුරාණයන් දහඅට හින්ද දේවකතා නොව හෙළදිවේ පැරැණි ඉතිහාසය බව කියමින් අවුරුදු 12 , OOO ක් අතීතයට ලංකා ඉතිහාසය ගොඩනංවා ඇත්තේ " වේද අධ්‍යාපනය පිළිබඳ ඇමරිකානු ආයතනයයි " නමුත් ලංකාවේ ඊනියා ඉතිහාසඥයෝ විජයාගමනයට පෙර මෙරට මනුෂ්‍යයන් ජීවත් නොවූ බව තවමත් කියති . ඒ ඔවුනට ඇති උන්මාදයක් නිසා නොව තමන් අයත්වන කොඩ්රිංටන් ගුරුකුලයට ඇති භක්තිය නිසාය . විජයාගමනයට පෙර යුගය ප්‍රාග් - ඓතිහාසික ලෙස නොසලකා එම යුගයේ ඉතිහාසයද ගොඩනැංවීම ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ යුතුකම වෙයි .

ආචාර්ය සූරිය ගුණසේකර 

ජයරත්න පතිරආරච්චි 

ජයරත්න පතිරආරච්චි මහතා විසින් අනුරාධපුරයට වඩා පැරණි කොළඹ ලිපිය සම්බන්දව පටිගත කරණ ලද විචාරාත්මක විග්‍රහය.

අනුරාධපුරයටත් වඩා පැරණි කොළඹ පළමුවන කොටස





රූපවාහිනී සැඳෑ නිම්නය - 3 කොටස

කැලණිය විශ්ව විද්‍යාලයේ  සංස්කෘත භාෂා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ජයරත්න පතිරආරච්චි මහතා රූපවාහිනී සැඳෑ නිම්...